රාජ්‍ය ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය (e-Slims) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - මාතලේ
රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය (e-Slims) හරහා ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම, බදු ලෙජර් යාවත්කාලීන කර පවත්වා ගැනීම සහ යෝජිත ඩිජිටල් බදු ගෙවීමේ ප්‍රවේශය සම්බන්ධව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, මාතලේ දිස්ත්‍රික් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී 2025.09.10 දින පවත්වන ලදී.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය යටතේ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
රාජ්‍ය ඉඩම් තොරතුරු සහ කළමනාකරණ පද්ධතිය (e-Slims) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - ගුරුදෙණිය
රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය (e-Slims) හරහා ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම, බදු ලෙජර් යාවත්කාලීන කර පවත්වා ගැනීම සහ යෝජිත ඩිජිටල් බදු ගෙවීමේ ප්‍රවේශය සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ගුරුදෙණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ දී 2025.09.04 දින පවත්වන ලදී.ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වය යටතේ මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
රජයේ ඉඩම් බදු පදනම මත බැහැර කිරීම හා බදු අයකිරීමේ මාර්ගෝපදේශ සංග්‍රහය පිළිගැන්වීම
රජයේ ඉඩම් බදු පදනම මත බැහැර කිරීම හා බදු අයකිරීමේ මාර්ගෝපදේශ සංග්‍රහය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මැතිතුමා වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ඉඩම් කොමසාරිස්තුමිය විසින් පිළිගැන්වීම.
ඉඩම් ගැටළු පිළිබඳ සාකච්ඡාව
ඉඩම් ගැටළු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සහභාගීත්වයෙන් 2024.05.07 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්විණි.
ඩ්‍රෝන් තාක්ෂණය
මධ්‍යම පළාතේ ඉඩම් මැණුම් කටයුතුවලට ඩ්‍රෝන් තාක්ෂණය
මාතලේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම
නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු ප්‍රගති සමාලෝචන රැස්වීම - මාතලේ දිස්ත්‍රික්කය 2020.09.03 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී
මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම
නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු ප්‍රගති සමාලෝචන රැස්වීම - මහනුවර දිස්ත්‍රික්කය 2020.08.28 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම
නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු ප්‍රථම ප්‍රගති සමාලෝචන රැස්වීම - නුවරඑළිය දිස්ත්‍රික්කය 13.08.2020 දින මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී
නව මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් තුමා
ජගත් ආදිකාරි මහතා 13.07.2020 දින මධ්‍යම පළාතේ නව පළාත් ඉඩම් කොමසාරිස් ලෙස රාජකාරි භාර ගැනීම.
"ගමට අවුරුදු - 2018"
අලුත් අවුරුදු උත්සවය - 2018
ගරු ආණ්ඩුකාරතුමියගේ අධීක්ෂණ චාරිකාව - 2017
ගරු. ආණ්ඩුකාර නිලූකා ඒකනායක මැතිණිය, 2017 ජුනි 6 වන දින ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණි අධීක්ෂණ චාරිකාව.
තෛපොංගල් උත්සවය 2016
මධ්‍යම පළාත්
අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ
මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ