මධ්‍යම පළාත් ගීතය

WhatsApp සහාය හඳුන්වා දීම

WhatsApp ඔන්ලයින් ආධාරක සේවාව ඔබට හඳුන්වා දීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙමු! අපගේ සේවාවන් ගැන විමසීමට, කරුණාකර අපගේ WhatsApp අංක +94707424460 හෝ මෙම පිටුවේ පහළ දකුණු කෙළවරේ ඇති සබැඳිය භාවිතා කරන්න.

ආයුබෝවන්.!

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම්, වෙළද හා වාණිජ, ආහාර සැපයුම් බෙදාහැරීමේ කටයුතු, ආයෝජන සම්බන්ධීකරණ හා වෙනත් අමාත්‍යාංශයන් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

1978  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 "අ" වගන්තිය අනුව පළාත් සභා පිහිටුවා ඇත. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ II පරිශිෂ්ටයේ සදහන් ලෙස ඉඩම් සහ ඉඩම්වල පදිංචිකරවීමට අදාල විධිවිධාන දක්වා ඇත. ඒ අනුව පළාත් සභාව තුළ රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි සිදු කරනු ලබයි. පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන අතර ඒවා නම් මහනුවර, මාතලේ සහ නුවර එළිය වේ.

අපගේ පරිපාලනය

ගරු මහාචාර්ය එස්.බී.එස්.අබයකෝන්

ගරු මහාචාර්ය එස්.බී.එස්.අබයකෝන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා

 Phone: +94 812 237671
 Fax: +94 812 237672

Visit website

ගරු මහ ඇමති තුමා

ගරු මහ ඇමති තුමා

මධ්‍යම පළාත් මහ ඇමැති

 Phone: +94 812 237671
 Fax: +94 812 237672

Visit website

ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ

ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්

 Phone: +94 812 237671
 Fax: +94 812 237672

Visit website

මධුපානි පියසේන

මධුපානි පියසේන

ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශය

 Phone: +94 814 481322
 Fax: +94 812 424935

Visit website

මනෝෂා විජේතුංග

මනෝෂා විජේතුංග

ඉඩම් කොමසාරිස්

 Phone: +94 812 424460
 Fax: +94 714 937354

Visit website

අපගේ දර්ශනය

වසර 2030 වන විට මැද-රට ජන දිවිය යහපත් කරනු වස් තිරසාර ඉඩම් කළමනාකරණය සහතික කිරීම

අපගේ මෙහෙවර

මධ්‍යම පළාත තුල පිහිටි රජයේ ඉඩම් හා ඊට අනුබද්ධ සම්පත්, ජනතාවගේ යහ පැවැත්ම උදෙසා තිරසාර අයුරින් සංරක්ෂණය, සංවර්ධනය, මනා පරිහරණය සහ බැහැර කිරීම සඳහා නීතිමය, තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබා දීම

3 වන ස්ථානය - ජාතික ඵලදායිතා සම්මාන - 2018

මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තම්න්තුව 2018 වර්ෂයේ පවත්වන ලද ජාතික ඵලදායිතා තරඟයේ "අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ " තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි. සම්මාන හා සහතික ප්‍රදානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  2019.03.26 දින සිදු කරන  ලදි.

කොමසාරිස් තුමියගේ පණිවිඩය

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි  සංශෝධනයට අනුව 1987 අංක 43 දරන පළාත් සභා පනත යටතේ පිහිටුවන ලද මධ්‍යම පළාත් සභාවේ පළාත් ඉඩම් කොමසාරිස්  දෙපාර්තමේන්තුව මඟින් පළාත තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 38 ට අදාල රජයේ ඉඩම් ජනතාවගේ අභිවෘද්ධිය පිණිස     විවිධ පරිහරණ වලට යෙදවීමට අදාලව  මනා කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.
පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සමඟ ඒකාබද්ධව නිරවුල් රාජ්‍ය ඉඩම්වල තෘප්තිමත් ජන සමාජයක් මැදරටින්  බිහිකිරීමේ අභිලාෂය ඉටු කර ගැනීම අප දෙපාර්තමේන්තුවේ මෙහෙවරයි.

ප්‍රධාන අමාත්‍යාංශය

Chief Ministry මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

EB Whatsapp Chat

අපගේ ලිපිනය

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව